― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඩෙංගු යළිත් වේගයෙන් පැතිරෙයි! වසරේ රෝගීන් 78,000 ඉක්මවයි

ඩෙංගු යළිත් වේගයෙන් පැතිරෙයි! වසරේ රෝගීන් 78,000 ඉක්මවයි

🚨 ඩෙංගු යළිත් වේගයෙන් පැතිරෙයි! වසරේ රෝගීන් 78,000 ඉක්මවයි

ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කළ නවතම දත්ත අනුව, මෙම වසරේ මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 78,125 දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ (21) දිනය තුළ පමණක් නව ඩෙංගු ආසාදිතයන් 1,097 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 162ක් තවදුරටත් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස නම් කර ඇත.

පසුගිය මාස කිහිපය තුළ රෝගීන්ගේ සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති අතර, මැයි මාසයේදී රෝගීන් 8,590ක්, ජූනි මාසයේදී 21,535ක් සහ ජූලි මාසයේ ගතවූ දින 21 තුළ පමණක් 22,749ක් වාර්තා වී තිබේ.

මේ වසර තුළ ඩෙංගු රෝගය හේතුවෙන් පුද්ගලයින් 56 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, මරණ අනුපාතිකය 0.07%ක් ලෙස සටහන් වී ඇත.

පළාත් අනුව වැඩිම රෝගීන් සංඛ්‍යාව බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර, එය සමස්ත රෝගීන්ගෙන් 52.78%ක් වන 41,236කි. ඊට අමතරව දකුණු පළාතෙන් රෝගීන් 11,950ක් (15.30%) සහ මධ්‍යම පළාතෙන් රෝගීන් 6,603ක් (8.45%) වාර්තා වී ඇත.

දිස්ත්‍රික් මට්ටමින් වැඩිම බලපෑම ගම්පහ දිස්ත්‍රික්කයට එල්ල වී ඇති අතර, එහි රෝගීන් 16,478ක් වාර්තා වී තිබේ. කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 15,540ක්, මාතරින් 5,454ක්, මහනුවරින් 5,228ක් සහ කළුතරින් 5,135ක් ද වාර්තා වී ඇත.

ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා තමන් අවට පරිශ්‍ර පිරිසිදුව තබා ගැනීමත්, උණ ඇතුළු ඩෙංගු රෝග ලක්ෂණ පවතින්නේ නම් ප්‍රමාද නොකර වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමත් අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් ඉල්ලා සිටියි.