බදුල්ල මහියංගන වියානා ඇල මාර්ගය මත සූර්ය විදුලි පද්ධතියක් (Canal Top Solar) ඉදිකිරීම සඳහා සැලසුම් සකස් කර ඇති අතර, එම ව්‍යාපෘතිය සම්බන්ධ නිරීක්ෂණ චාරිකාව ඊයේ (20) පැවැත්විණි.
මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවීන්ද්‍ර බණ්ඩාර සහ සුදත් බලගල්ල යන මහත්වරුන් ප්‍රධානත්වය දරා තිබේ.
Canal Top Solar තාක්ෂණය යටතේ මෙවැනි සූර්ය විදුලි ව්‍යාපෘතියක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත්තේ ප්‍රථම වරට බව ද සඳහන් වේ.
මෙම අවස්ථාවට සුනිතය බලශක්ති අධිකාරියේ සභාපති මහාචාර්ය විජේන්ද්‍ර බණ්ඩාර, එම අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු රෝහණ රඹොඩගේ, ලංකා විදුලිබල මණ්ඩලයේ සැලසුම් ඉංජිනේරු අසිත අත්තනායක සහ මහවැලි අධිකාරියේ නිලධාරීන් ද එක්ව සිටියහ.


