― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉන්ධන මිලට සාපේක්ෂව මත්පැන් මිල ඉහළට

ඉන්ධන මිලට සාපේක්ෂව මත්පැන් මිල ඉහළට

මෙරට ඇතැම් මත්පැන් නිෂ්පාදන සමාගම්, ඉන්ධන මිල ඉහළ යෑමෙන් ඇති වූ පිරිවැය වැඩිවීම සැලකිල්ලට ගනිමින් තම නිෂ්පාදන කිහිපයක මිල සංශෝධනය කර තිබේ.

ඒ අනුව වැඩිම අලෙවියක් පවතින මිලිලීටර් 750 ගල් අරක්කු බෝතලයක මිල රුපියල් 20කින් ඉහළ ගොස් ඇති අතර, බෝතල් භාගයක මිල රුපියල් 10කින්ද වැඩි කර ඇත. එසේම පරණ අරක්කු බෝතලයක මිල රුපියල් 50කින් ඉහළ නංවා තිබේ.

මීට අමතරව විස්කි සහ බ්‍රැන්ඩි වර්ගවල බෝතලයක මිලද රුපියල් 100කින් වැඩි කර ඇති බව වාර්තා වේ.

ඒ අතර, මීට මාසයකට පමණ පෙරද එම සමාගම් විසින් තවත් මත්පැන් වර්ග කිහිපයක මිල සංශෝධනය කර තිබූ බව සඳහන් වේ.

කෙසේ වෙතත්, බියර් මිලෙහි මේ දක්වා කිසිදු වෙනසක් සිදුකර නොමැත.

මීට පෙර මත්පැන් සඳහා පාලන මිලක් ක්‍රියාත්මක වූ නමුත්, මේ වන විට එම ක්‍රමවේදය නොමැති බැවින් සමාගම්වලට වෙළඳපොළ තත්ත්වය අනුව මිල සංශෝධනය කිරීමේ හැකියාව පවතින බව මත්පැන් නිෂ්පාදන සමාගම් පෙන්වා දෙයි.