― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදෙවිනුවර ඇසළ පෙරහැරේ ආරක්ෂාව තර කෙරේ

දෙවිනුවර ඇසළ පෙරහැරේ ආරක්ෂාව තර කෙරේ

දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර නිමිත්තෙන් ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පොලිස් නිලධාරීන් 650 දෙනෙකු සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 100 දෙනෙකු රාජකාරියේ යොදවා ඇති බව ශ්‍රී ලංකා පොලීසිය පවසයි.

ආරක්ෂක වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා බුද්ධි අංශ නිලධාරීන් ද සේවයේ නිරත කර ඇති බව සඳහන් වේ.

ගන්දර පොලිස් බලප්‍රදේශයට අයත් දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැරේ පළමු පෙළි පෙරහැර අද (23) ආරම්භ වන අතර, ජූලි 29 වැනිදා පැවැත්වෙන මහා පෙරහැරෙන් මෙවර උත්සවය අවසන් වීමට නියමිතය.

ජූලි 28 වැනිදා කාවඩි පෙරහැරත්, ජූලි 29 වැනිදා රන්දෝලි පෙරහැරත් පැවැත්වීමට සැලසුම් කර ඇති බවද පොලීසිය නිවේදනය කරයි.

මෙම උත්සවය පැවැත්වෙන දිනවල පස්වරු 4.00 සිට රාත්‍රී 9.00 දක්වා කොළඹ–කතරගම ප්‍රධාන මාර්ගයේ රථවාහන තදබදයක් ඇතිවිය හැකි බැවින්, විකල්ප මාර්ග භාවිත කරන ලෙස රියැදුරන්ගෙන් පොලීසිය ඉල්ලීමක් කර තිබේ.

මාතර සිට තංගල්ල දෙසට ගමන් කරන වාහන සඳහා මැද්දවත්ත කාර්මික විද්‍යාලය අසලින් මාතර–යටියන මාර්ගයට පිවිස, කැකණදුර හන්දියෙන් වේහැල්ල මාර්ගය ඔස්සේ දික්වැල්ල දක්වා ගමන් කළ හැකි බව සඳහන් වේ.

එසේම, තංගල්ල සිට මාතර දෙසට ගමන් කරන වාහන තලල්ල කාර්මික විද්‍යාලය අසලින් නාඔටුන්න මාර්ගයට හැරී වියන්නරුව හන්දිය වෙත ගමන් කර, ඉන් අනතුරුව දික්වැල්ල–වේහැල්ල මාර්ගය ඔස්සේ කැකණදුර හන්දියට පැමිණ කැකණදුර–මාතර මාර්ගය භාවිත කර මාතර වෙත ළඟාවිය හැකිය.

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් විශාල බැතිමත් පිරිසක් පෙරහැර නැරඹීමට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බැවින්, මහජන ආරක්ෂාව, දේපළ ආරක්ෂාව සහ රථවාහන පාලනය කාර්යක්ෂමව සිදු කිරීම සඳහා මෙම විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර ඇති බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.