ශ්‍රී ලංකා ගුවන්ගමන් බලපත්‍රය 2026 හෙන්ලි ගමන් බලපත්‍ර දර්ශකයේ ස්ථාන දෙකකින් ඉදිරියට පැමිණ 94 වන ස්ථානයට පත්ව තිබේ.
පසුගිය 2024 සහ 2025 වර්ෂවලදී ශ්‍රී ලංකාව එම දර්ශකයේ 96 වන ස්ථානයේ රැඳී සිටි අතර, මෙවර නව ශ්‍රේණිගත කිරීමේදී එය ඉහළට පැමිණීම විශේෂත්වයක් ලෙස සැලකේ.
පසුගිය වසර කිහිපය තුළද ශ්‍රී ලංකාවේ ගුවන්ගමන් බලපත්‍රය ක්‍රමයෙන් ඉදිරියට පැමිණ ඇති අතර, 2021 වසරේ 107 වන ස්ථානයේ සිටි ශ්‍රී ලංකාව 2022 දී 102 වන ස්ථානයටත්, 2023 දී 100 වන ස්ථානයටත් පැමිණීමෙන් අනතුරුව 2026 වන විට 94 වන ස්ථානය දක්වා ඉහළ ගොස් ඇත.
හෙන්ලි ගමන් බලපත්‍ර දර්ශකය සකස් කරනු ලබන්නේ වීසා රහිතව හෝ වීසා පහසුකම් සමඟ ප්‍රවේශ විය හැකි රටවල් සංඛ්‍යාව පදනම් කරගෙන, එක් එක් රටේ ගුවන්ගමන් බලපත්‍රවල ගෝලීය බලය සහ ජාත්‍යන්තර සංචරණ හැකියාව ඇගයීම සඳහාය.
2026 දර්ශකයේ ප්‍රථම ස්ථානය සිංගප්පූරු ගුවන්ගමන් බලපත්‍රයට හිමිව ඇති අතර, දෙවන ස්ථානය ජපානය, දකුණු කොරියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර බෙදී ගොස් තිබේ. එමෙන්ම, අදාළ දර්ශකයේ අවසන් ස්ථානයේ අෆ්ගනිස්ථානය රැඳී සිටින බවද වාර්තා වේ.


