― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot News🔴 කදිරාන වෙ-ඩි තැබීමේ ඉලක්කය ගැන අලුත් තොරතුරු රැසක් හෙළිවේ

🔴 කදිරාන වෙ-ඩි තැබීමේ ඉලක්කය ගැන අලුත් තොරතුරු රැසක් හෙළිවේ

වත්තල, කදිරාන පල්ලියවත්ත ප්‍රදේශයේ ඊයේ (23) රාත්‍රියේ සිදුවූ වෙ-ඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් නව තොරතුරු රැසක් අනාවරණය කරගෙන ඇති බව පොලීසිය පවසයි.

මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, ප්‍රදේශයේ උත්සව ශාලාවක පැවති උපන්දින සාදයකට සහභාගී වී සිටි පුද්ගලයෙකු ඉලක්ක කර මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි.

පොලීස් තොරතුරුවලට අනුව, මිනීමැරීම් චෝදනා කිහිපයකට සම්බන්ධ බවට සැලකෙන සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස හඳුන්වන “මට්ටක්කුලියේ කුඩු රොශාන්” නමැත්තා මෙම ප්‍රහාරයේ ප්‍රධාන ඉලක්කය වී තිබේ.

එම පුද්ගලයාගේ සහෝදරයෙකුගේ දරුවෙකුගේ උපන්දින සාදය අතරතුර, ඊයේ රාත්‍රී 9.40ට පමණ මෝටර් රථයකින් පැමිණි, හිස් වැසුමක් පැළඳ සිටි පුද්ගලයෙකු උත්සව ශාලාව තුළට ඇතුළු වී වෙ-ඩි ප්‍රහාරය එල්ල කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

කෙසේවෙතත්, ඉලක්කය වැරදීම හේතුවෙන් වෙ-ඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ ඉලක්ක කර තිබූ පුද්ගලයා අසල සිටි තවත් අයෙකි.

බරපතළ තුවාල ලැබූ ඔහු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළද, පසුව ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම වෙ-ඩි තැබීම පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් යොදාගෙන සිදුකර ඇති බවද වාර්තා වේ.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 39ක් වන බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇත.

සිද්ධියට අදාළ වැඩිදුර විමර්ශන වත්තල පොලීසිය විසින් ක්‍රියාත්මක කරගෙන යයි.