24.5 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅදත් පැය 05කට වැඩි විදුලි කප්පාදුවක්

අදත් පැය 05කට වැඩි විදුලි කප්පාදුවක්

අදත් (25) දිවයිනේ A,B,C කලාප සඳහා පැය 4යි විනාඩි 40ක් සහ අනෙකුත් කලාපවලට පැය 5යි විනාඩි 15ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගිතා කොමිෂන් විසින් විදුලිබල මණ්ඩලයට අනුමැතිය ලබා දී ඇත.

හෙට (26) පස්වරුවේ උපරිම විදුලි ඉල්ලුම මෙගාවොට් 2350ක් සහ රාත්‍රි කාලයේ උපරිම විදුලි ඉල්ලුම මෙගාවොට් 2700ක් වනු ඇති බව විදුලිබල මණ්ඩලය අපේක්ෂා කරයි.

ඉන්ධන අර්බුදය හේතුවෙන් අද සිට බස් ධාවනය සම්පූර්ණයෙන් අඩාල වීමේ අවදානමක් පවතින බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ඊයේ (24) සඳහන් කළේය.

ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ රටේ පවතින ඉන්ධන හිඟය හේතුවෙන් ගමන් ආරම්භ කිරීමෙන් පසුව බස් රථයට අතරමගදී ඉන්ධන ලබා ගැනීමට තාවකාලිකව අවසර ලබාදෙන බවයි.