නයිජර් හමුදා පාලකයින් විසින් තම ගුවන් සීමාවට ඉහළින් ප්‍රංශ ගුවන් යානා පියාසර කිරීම තහනම් කිරීමට පියවර ගෙන තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒ අනුව නයිජර් ගුවන් අවකාශයට ඉහළින් ප්‍රංශ ගුවන් යානා හෝ එයාර් ප්‍රංශ ගුවන් සේවය ඇතුළු ප්‍රංශය විසින් කුලියට ගත් ගුවන් යානා පියාසර කිරීම තහනම් වන බවයි.
කෙසේවෙතත් නයිජර් හමුදා පාලකයින් පවසන්නේ අනෙකුත් සියලුම ජාතික සහ ජාත්‍යන්තර වාණිජ ගුවන් ගමන් සඳහා සිය ගුවන් අවකාශය විවෘත බවයි.