― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsවසර එකහමාරකදී විශේෂඥ වෛද්‍යවරුන් 348ක් රට හැර ගිහින්

වසර එකහමාරකදී විශේෂඥ වෛද්‍යවරුන් 348ක් රට හැර ගිහින්

මාස 18කදී විශේෂඥ වෛද්‍යවරුන් 348 දෙනෙකු සේවය හැර ගොස් විදේශගත වී ඇති බව අනාවරණය වී තිබේ.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් වෛද්‍යවරුන් රට හැර යෑම ගැන සෙවීම සඳහා පත් කළ කමිටුව ඉදිරිපත් කරන ලද වාර්තාවකයි මේ බව සඳහන්ව ඇත්තේ.

එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ විශේෂඥ වෛද්‍යවරුන් 272 දෙනෙකු වැටුප් රහිත නිවාඩු ලබා රටින් පිටව ගොස් ඇති අතර තවත් වෛද්‍යවරුන් 76 දෙනෙකු නොදන්වාම සේවයට වාර්තා නොකර ඉවත්ව ඇති බවයි.

ඊට අමතරව ශ්‍රේණිගත වෛද්‍ය නිලධාරීන් 850 දෙනෙකු වසරක කාලයක් තුළ එනම් 2022 ජූ නි 1 වන දා සිට 2023 මැයි 31 දක්වා වන වසර තුළ සේවය හැර ගොස් ඇති අතර එයින් 544 දෙනෙකු වැටුප් රහිත නිවාඩු ලබා විදේශගත වී තිබේ.

තවත් 197 දෙනෙකු නොදන්වාම සේවය හැර ගොස් ඇති අතර 109 දෙනෙකු එම කාලය තුළ රැකියාවෙන් ඉවත්ව ගොස් ඇති බවයි එම කමිටුව ඉදිරිපත් කරන ලද වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ.