― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsචැපල් උපවාසයෙන් ආණ්ඩුවට කෝටි 60ක අලාභයක්

චැපල් උපවාසයෙන් ආණ්ඩුවට කෝටි 60ක අලාභයක්

මරණීය දණ්ඩනය නියමව සිටි සිරකරුවන් 13 දෙනෙක් තමන්ට පොදු සමාවක් දෙන ලෙස ඉල්ලා වැලිකඩ බන්ධනාගාරයේ චැපල් අංශයේ වහලය මත නැඟ කරන ලද උපවාසයෙන් ආණ්ඩුවට කෝටි 60කට අධික මුදලක් අලාභ කර ඇති බවට බොරැල්ල පොලිසිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඊයේ (24) කරුණු වාර්තා කළේය.

මිල කළ නොහැකි ගොඩනැඟිල්ලක් වූ වැලිකඩ බන්ධනාගාරයේ චැපැල් වාට්ටුව, විදුලි පද්ධතිය හා වඩු යන්ත්‍ර පද්ධතියට රැඳවූවන් මෙසේ හානි කර ඇති බවට මූලස්ථාන ඉංජිනේරු අංශය සිය තක්සේරු වාර්තා මඟින් අදාළ කරුණු අනාවරණය කර ඇත.

රැඳවූවන් 13 දෙනා විසින් මේ උපවාසය අඛණ්ඩව 2021.09.20 වන දින සිට 2021/10/28 දක්වා කාලය තුළ දී කර ඇති බවත් මෙමඟින් මහල් තුනකට හානි කර ඇති බවත් එහි සම්පූර්ණ වටිනාකම 605489500.04ක මුදලක් බවට තක්සේරු කර ඇතැයි පැවසූ පොලිසිය රැඳවූවන් 13 දෙනාට එරෙහිව පොදු දේපොළ පනත අනුව ක්‍රියා කරන බවට අධිකරණයට කරුණු වාර්තා කර තිබිණ. බන්දුල සිසිර කුමාර, නිමල් කොස්තා, සාගර කැලුම්, සදරුවන් කුමාර, තිළිණ මධුශංක, රංජිත් උපාලි, එස්.බී. සදරුවන්, කේ.සී. රෝෂාන්, අජිත් කුමාරි, ආර්.එම්. කරුණාතිලක, එම්. සිල්වා හා අජිත් ප්‍රසන්න යන මරණීය දණ්ඩනය හිමි වූ රැඳවූවන් විසින් මේ උපවාසය කර ඇත.