― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමාස 04කදී ඩීසල් නැව් 04ක් මිලදී ගැනීමට අනුමැතිය

මාස 04කදී ඩීසල් නැව් 04ක් මිලදී ගැනීමට අනුමැතිය

ඉදිරි මාස හතක කාලය තුළ ඩීසල් නැව් තොග හතක් මිල දී ගැනීම වෙනුවෙන් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා.

2023-11-01 සිට 2024-02-29 දක්වා කාලය තුල ඛනිජතෙල් නීතිගත සංස්ථාවට ඩීසල් නැව් තොග 04ක් මිලදී ගැනීම වෙනුවෙන් දිගුකාලින කොන්ත්‍රාත් ක්‍රමවේදය යට‍තේ ලංසු කැඳවා තිබුණා.

ඒ අනුව සමාගම් පහක් ඒ සඳහා ලංසු ඉදිරිපත් කර තිබූ බවයි වාර්තා වුණේ.

එලෙස ලංසු ඉදිරිපත්කර තිබූ සමාගම්වලින් petrochina international (singapore) සමාගම වෙත එම කොන්ත්‍රාත්තුව ලබාදීම වෙනුවෙන් බලශක්ති අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට අදාළ යෝජනාව ඉදිරිපත් කර තිබුණා.

ඒ අනුවයි මෙලෙස ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත්තේ.