25 C
Colombo
Friday, October 24, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportබාබර් අසාම්ට දඩයක්

බාබර් අසාම්ට දඩයක්

පාකිස්ථාන ක්‍රිකට් නායක බාබර් අසාම්ට දඩ මුදලක් පැනවීමට ලාහෝර් පොලීසිය කටයුතු කර තිබෙනවා.

අධිවේගී මාර්ගයක නියමිත වේග සීමාව ඉක්මවා මෝටර් රථයක් ධාවනය කිරීමේ වරද සම්බන්ධයෙන් බාබර්ට මෙලෙස දඩ මුදලක් පනවා ඇති බවයි වාර්තා වුණේ.

ඒ අනුව ඔහුට පාකිස්ථානු රුපියල් දෙදහසක මුදලක් දඩ වශයෙන් නියම කර තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඊයේ (25) දිනයේ දී එරට පොලිසිය විසින් ඔහුට මෙලෙස දඩයක් නියම කර ඇති බව සඳහන්.

මේ අතර මෙම වසර මුලදී, නිසි අංක තහඩුවක් නොමැති රථයක් ධාවනය කිරීම හේතුවෙන් ගැටළුවකට මුහුණදීමට ද බාබර්ට සිදුවුණා.