― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsදුම්රිය වැටලීම් ප්‍රමාණය ඉහළ දැමේ

දුම්රිය වැටලීම් ප්‍රමාණය ඉහළ දැමේ

ප්‍රවේශපතක් නොමැතිව දුම්රියේ ගමන් ගන්නා මගීන් සම්බන්ධයෙන් සිදුකරන වැටලීම් තවදුරටත් පුළුල් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා.

ඒ අනුව කොළඹ කොටුව සහ මරදාන යන දුම්රිය ස්ථාන මූලික කරගනිමින් මෙම වැටලීම් සිදුකරන බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

පසුගිය අගෝස්තු මාසයේ සිට මේ දක්වා කාලසීමාව තුළ මරදාන දුම්රිය ස්ථානයෙන් ප්‍රවේශපත්‍ර නොමැතිව ගමන් කළ දුම්රිය මගීන් 72 කගෙන් දඩ මුදල් අයකර ගැනීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව ඔවුන්ගෙන් දඩ වශයෙන් රුපියල් 225,000 කට ආසන්න මුදලක් අයකරගෙන ඇති බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පැවසුවා.