― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsදෙමටගොඩ රුවන්ගේ කෝටි 50ක සුපිරි හෝටලයක් CID බාරයට

දෙමටගොඩ රුවන්ගේ කෝටි 50ක සුපිරි හෝටලයක් CID බාරයට

හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් රුපියල් කෝටි ගණන් වටිනා දේපළ උපයා ගනිමින් මුදල් විශුද්ධිකරණ පනත ප්‍රකාරව වරදක් සිදුකළැයි රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රුවන් චමිල නොහොත් ‘දෙමටගොඩ රුවන්’ නමැත්තාට අයත් මීගමුව පිටිපන පාරේ පිහිටි රුපියල් කෝටි 50කට අධික වටිනාකමකින් යුත් සුඛෝපභෝගී හෝටලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් ඊයේ (24) පස්වරුවේදී සිය භාරයට ගෙන ඇත.

චෙකොස්ලෝවේකියානු ජාතිකයකු විවාහ කරගෙන සිටින මෙරට කාන්තාවකට අයත් මෙම දේපළ සැකකාර දෙමටගොඩ රුවන් නමැත්තා මිලට ගෙන ඇත්තේ මීට වසර හතරකට පමණ පෙර බවට කරුණු අනාවරණය වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.

පර්චස් 100කට ආසන්න භූමි ප්‍රමාණයක පිහිටි මෙම භූමිය මීගමුව මුහුදු වෙරළට මුහුණ ලා පිහිටි අති සුඛෝපභෝගී ගොඩනැගිල්ලක් සහිත ස්ථානයක් බවත් එය ඉදිවෙමින් පවතින සංචාරක හෝටලයක් (විලා) බවට පත්කරමින් ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. මෙම වැටලීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමූහයකගේ සහභාගීත්වයෙන් සිදුවූ අතර මෙම භූමියේ හෝ අදාළ හෝටලයේ මත්ද්‍රව‍ය සගවා ඇත්දැයි සෙවීම සඳහා පොලිස් නිල සුනඛයන් යෙදවූ බව පොලිසිය කියයි.

සැකකාර දෙමටගොඩ රුවන් නමැත්තා නීතිවිරෝධී අන්දමින් උපයා ගත් දේපළවල වටිනාකම රුපියල් කෝටි 79කට අධික බව මේ වන විට අනාවරණය වී ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.