― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsසලේ හා සහරාන් අතර හමුවක් ගැන කිසිදු සාක්ෂියක් නැහැ

සලේ හා සහරාන් අතර හමුවක් ගැන කිසිදු සාක්ෂියක් නැහැ

අසාද් මවුලානා විසින් ප්‍රකාශ කළ ආකාරයට මෙරට බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ හා සහරාන් අතර හමුවක් සිදු වූ බවට ඉදිරිපත් කළ හැකි සාක්ෂියක් තමන් සතුව නොමැති බව එම වීඩියෝ පටයේ අධ්‍යක්ෂවරයා සහ විධායක නිෂ්පාදකවරයා පවසා තිබේ.

පසුගියදා බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාව විසින් පාස්කු ප්‍රහාරය සිදු වුණු ආකාරය සඳහන් වීඩියෝ පටයක් එළිදැක්වීමත් සමඟ එම පුවත සමාජය තුළ මහත් ආන්දෝලනයකට තුඩුදුන්නා.

ඔහු ඒ බව ප්‍රකාශ කර ඇත්තේ ජිනීවාවලදී සාකච්ඡාවකට එක්වෙමින්.

SRI LANKA’S EASTER BOMBINGS; DISPATCHES වීඩියෝ පටයේ සඳහන් වාර්තාමය වැඩසටහනේ දැක්වෙන සාකච්ඡාව මෙහෙයවා තිබුණේ, ජිනීවාවල ස්වර්ණාභරණ අලෙවිකරුවකු ලෙස කටයුතු කරන, ශ්‍රී ලංකාවේ මහනුවර ප්‍රදේශයේ සිට එහි ගොස් පදිංචි වී සිටින අයකු විසින් බවයි පැවසෙන්නේ.

තොරතුරු වාර්තා වන අන්දමට එම වැඩසටහන සංවිධානය කර තිබුණේ, ඔහු විසින් මෙහෙයවනු ලබන රාජ්‍ය නොවන සංවිධානයක් මඟින්.

මෙම වීඩියෝ පටයේ දැක්වෙන ආකාරයට “අසාද් මවුලානා සරණාගතභාවය අපේක්ෂා කරන පුද්ගලයෙක් ඒ නිසා නොවේ ද ඔහු මෙවැනි කතන්දරයක් ඉදිරිපත් කළේ? ඇයි ඔහු මෙතෙක් එවැනි ප්‍රකාශයක් සිදු නොකළේ? රටින් පිට වනතුරු ඔහු එවැන්නක් පවසා නැහැ. ඔබ මේ තත්ත්වය දෙස බලන්නේ කෙසේ ද?” යනුවෙන් අසන ප්‍රශ්නවලට මෙහි අධ්‍යක්ෂ ටොම් වෝකර් පිළිතුරු දී තිබුණේ,

“ඔහු සහරාන් සමඟ සෘජු සම්බන්ධයක් පැවැත්වුවා ද යන්න මම දන්නේ නැහැ. ආසාද් මවුලානා එම හමුවීම සම්බන්ධීකරණයට එක්වූයේ ඇයි ද කියා මට පැහැදිළි පිළිතුරක් ලබා දෙන්න බැහැ. අවංකවම, සහරාන් සහ සලේ අතර එවැනි පූර්ව හමුවක් සිදු වූ බවට සාක්ෂි මා සතුව නැහැ. ඔහු වසර ගණනාවක සිට සලේ දැන සිටියා වෙන්න පුළුවන්. සලේ එවැනි හමුවකට සහභාගි වූයේ ද යන්න මම දන්නේ නැහැ.” යනුවෙන්.

මෙම වීඩියෝ පටය එළි දැක්වීමත් සමඟම එහි ප්‍රධාන සාක්කිකරු ලෙස පෙනී සිටි හන්සීර් අසාද් මවුලානා සම්බන්ධයෙන් විවිධ තොරතුරු අනාවරණය වෙමින් පවතී.