― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඅයිස් මත්ද්‍රව්‍ය කිලෝවක් සමඟ අයෙක් අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය කිලෝවක් සමඟ අයෙක් අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 1 යි ග්‍රෑම් 10ක් සමඟ සැකකරුවෙකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

දෙහිවල – පඤ්ඤාලෝක මාවතේ සිදු කළ වැටලීමකදීයි මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඊයේ (27) අත්අඩංගුට ගත් මෙම සැකකරු 39 හැවිරිදි දෙහිවල ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බවයි පොලීසිය සඳහන් කළේ.

අයිස් මත්ද්‍රව්‍යවලට අමතරව ඔහු සන්තකයේ තිබී මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බවට සැක කෙරෙන රුපියල් එක්ලක්ෂ පනස් දහසක මුදලක් ද කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සොයාගෙන තිබේ.