― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඅනවසර පදිංචිකරුවන්ට දුම්රියෙන් මහල් නිවාස 100ක්

අනවසර පදිංචිකරුවන්ට දුම්රියෙන් මහල් නිවාස 100ක්

අනවසරෙන් කැලණිවැලි දුම්රිය මාර්ගයේ රක්ෂිත තුළ සීවලීපුර සිට කිරුළපන දක්වා කොටසේ සිටින පදිංචිකරුවන් 100 කට මහල් නිවාස පිරිනැමීමට කටයුතු යොදා තිබේ.

ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවසුවේ නාගරික සංවර්ධන අධිකාරිය ඉදි කළ මාලිගාවත්ත ලක්හිරු සෙවන සහ කාලිංග මාවතේ කොළොංතොට සරසවි උයන මහල් නිවාස සංකීර්ණවලින් ඔවුන්ට මෙම නිවාස ලබාදෙන බවයි.

ආසියානු සංවර්ධන බැංකුවෙන් ලැබුණු ණය මුදලකින් ඉදිකළ මෙම නිවසක වටිනාකම ලක්ෂ 120 ක් පමණ වන බවත් නිසි පහසුකම් සහිත නිවසක් නැති සැමට වටිනාකමක් සහිත දේපලක අයිතිය මෙහිදී ලැබෙන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.