27.8 C
Colombo
Tuesday, July 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldපාකිස්තානයේ පිපිරීමක් - 50ක් ජීවිතක්ෂයට

පාකිස්තානයේ පිපිරීමක් – 50ක් ජීවිතක්ෂයට

පාකිස්තානයේ නිරිතදිග බලුකිස්තාන් පළාතේ මුස්ලිම් පල්ලියක් අසල සිදු වූ පිපිරීමකින් පුද්ගලයන් 50 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

තවත් විශාල පිරිසක් මෙම පිපිරීමෙන් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. නබි නායකතුමාගේ උපන්දිනය සැමරීම උදෙසා පැවති ආගමික උත්සවයක් අතරතුර දී මෙම පිපිරීම සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කළේ.

එරට පොලිසිය සැකපළ කරන්නේ මෙය මරාගෙන මැරෙන ප්‍රහාරයක් විය හැකි බවයි. මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍ය සර්ෆ්‍රාස් බුග්ටි පැවසුවේ මෙම පිපිරීම ‘ඉතා නින්දිත ක්‍රියාවක්’ බවයි.

ප්‍රහාරයේ වගකීම තවමත් කිසිදු කණ්ඩායමක් භාරගෙන නැහැ.