― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsගජ මුතුවක් බවට සැක කෙරෙන වස්තුවක් සමඟ 4ක් අත්අඩංගුවට

ගජ මුතුවක් බවට සැක කෙරෙන වස්තුවක් සමඟ 4ක් අත්අඩංගුවට

හිඕවිට අල්ගොඩ ප්‍රදේශයේදී ගජමුතුවක් බවට සැක කෙරෙන වස්තුවක් සමග සැකකරුවන් 4 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අල්ගොඩ ප්‍රදේශයේ ගජමුතු ජාවාරමක් සිදු කෙරෙන බවට දෙහිඕවිට පොලිසියට ලැබුණු තොරතුරකට අනුවයි වැටලීම සිදුකර ඇත්තේ.

ඒ අනුව උපාය දූතයෙකු යොදවා ගජමුතුව මිලදී ගැනීමට බව පවසමින් සැකකරුවන් අල්ගොඩ පාලම අසලට ගෙන්වාගෙන තිබෙනවා.

එහිදීයි ගජමුතුවක් බවට සැක කෙරෙන වස්තුවක් සහ වෑන් රථයක් සමග සැකකරුවන් 4 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගනු ලැබුවේ.

සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු ද අත්අඩංගුවට පත්වූවන් අතර වනවා.

අප වාර්තාකරු සඳහන් කළේ ගජමුතුවකට සමාන මෙම වස්තුව ග්‍රෑම් 19යි මිලිග්‍රෑම් 400ක බරකින් යුක්ත වන බවයි.

සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් මාවනැල්ල සහ පිළිමතලාව ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් අද අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.