28.4 C
Colombo
Wednesday, July 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෙරටින් ලාදුරු වැළඳුණු ළමයින් 105ක්

මෙරටින් ලාදුරු වැළඳුණු ළමයින් 105ක්

වසරේ ගතවූ කාලය තුළ ලාඳුරු රෝගය වැළඳුණු ළමයින් 105 දෙනෙකු මෙරටින් හඳුනාගෙන තිබේ.

මෙලෙස ලාදුරු වැළඳී ඇත්තේ අවුරුදු 14 ට අඩු ළමයින්ට බවයි ලාදුරු මර්ධන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර පැවසුවේ.

වෛද්‍යවරයා සඳහන් කළේ දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සිට ලාදුරු රෝගීන්ට පැමිණ ප්‍රතිකාර ලබා ගත හැකි සායනයක් කොළඹ ජාතික රෝහලේ කාමර අංක 12 හි මධ්‍යම ලාදුරු සායනය නමින් පවත්වාගෙන යනු ලබන බවයි.

ඒ අනුව සතියේ දිනවල පෙරවරු 8 සිට පස්වරු 4 දක්වාත්, සෙනසුරාදා පෙරවරු 8 සිට දහවල් 12 දක්වාත්, එම සායනයට පැමිණ ප්‍රතිකාර ලබා ගැනීමට අවස්ථාව පවතී.