28 C
Colombo
Saturday, April 19, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsපොල් සොරකමේ ගිය අයෙක්ට වෙඩි

පොල් සොරකමේ ගිය අයෙක්ට වෙඩි

පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් වත්තක පොල් සොරකම් කිරීමට ගිය අයෙකුට එම වත්තේ මුරකරු විසින් වෙඩි තැබීම හේතුවෙන් තුවාල ලබා තිබෙනවා.

තුවාල ලැබූ එම පුද්ගලයා ප්‍රතිකාර සඳහා කුලියාපිටිය ශීක්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි පන්නල පොලීසිය සදහන් කළේ.

ඊයේ (01) පස්වරු 5.20ට පමණ මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ යක්විල, හැගව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 30ක පුද්ගලයෙක්.

මෙම පුද්ගලයාගේ වම අතට සහ කොන්දට වෙඩි ප්‍රහාර වැදී ඇති බවයි තොරතුරු වාර්තා වුණේ. වෙඩි තැබීම සිදුකළ බව කියන සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර පන්නල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබනවා.