24.5 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාසල් සිසුවෙක්ට හෙල්මටයෙන් ගැසූ පිරිසක් අත්අඩංගුවට

පාසල් සිසුවෙක්ට හෙල්මටයෙන් ගැසූ පිරිසක් අත්අඩංගුවට

පාසල් සිසුවෙක් තවත් පිරිසක් සමඟ මඟ රැකගෙන සිට තවත් සිසුවෙකුට හෙල්මටයකින් පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පින්වත්ත පොලීසිය මඟින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පින්වත්ත, මීගහකෝවිල පාර සහ ඒ අවට පදිංචි තරුණයින් පිරිසක් වන අතර ඒ අතර අනෙක් පාසල් සිසුවා ද වනවා.

සිසුන් දෙදෙනෙකු අතර පාසලේ දී ඇති වූ ආරවුලකින් පසු එක් සිසුවෙක් තවත් පිරිසක් සමඟ මඟ රැකගෙන සිට පසුගිය 21 වනදා අනෙක් සිසුවාට මෙම පහරදීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

පහරදීමට සම්බන්ධ සැකකරුවන් දින 10ක පමණ කාලයක් පොලීසිය මඟ හැර සිට ඇති බවට තොරතුරු වාර්තා වනවා. අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.