― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeSportකෝලිට දෙවැනි පුහුණු තරගය මගහැරෙයි

කෝලිට දෙවැනි පුහුණු තරගය මගහැරෙයි

එක්දින ලෝක කුසලාන තරගාවලියේ නෙදර්ලන්තයට එරෙහි පුහුණු තරගය ඉන්දීය සුපිරි පිතිකරු විරාට් කෝලිට අහිමි වී යා හැකි බව ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරනවා.

දෙරට අතර පැවැත්වෙන මෙම පුහුණු තරගය හෙට (03) තිරුවානන්තපුරම් හිදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙම තරගය සඳහා ඉන්දීය කණ්ඩායම ඊයේ (01) සවස විශේෂ ගුවන් යානයකින් ගුවාහාටි සිට පැය 04ක ගමනකින් පසු තිරුවානන්තපුරම් වෙත ළඟා වූ බවයි වාර්තා වන්නේ.

මෙලෙස තිරුවානන්තපුරම් වෙත පැමිණි ඉන්දීය කණ්ඩායම සමඟ විරාට් කෝලි පැමිණ නොමැති බවට තොරතුරු වාර්තා වනවා.

සිය පුද්ගලික අවශ්‍යතාවයක් හේතුවෙන් කණ්ඩායම් කළමනාකාරීත්වයෙන් ඔහු නිවාඩුවක් ඉල්ලා ඇති අතර ඒ අනුව කෝලි ගුවහාටි සිට නැවත මුම්බායි වෙත ගොස් ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

මේ අතර ඉන්දියාව සහභාගී වූ පළමු පුහුණු තරගය වර්ෂාව හේතුවෙන් තරග කිරීමේ අවස්ථාව අහිමි වී ගියා. කෙසේ වෙතත් හෙට තිරුවානන්තපුරම් හි ග්‍රීන්ෆීල්ඩ් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන තරගයට ද බොහෝ විට වර්ෂාවන් බාධා එල්ලවිය හැකි බවයි එරට කාලගුණ අංශ පුරෝකථනය කර ඇත්තේ.

මෙවර ලෝක කුසලානයේ දී ඉන්දියාව මුහුණ දෙන පළමු තරගය ඕස්ට්‍රේලියාවට එරෙහිව ඔක්තෝම්බර් 08 වනදා චෙන්නායිහි දී ආරම්භ වනවා.