― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsබේකරි නිෂ්පාදනත් ඉහළ යන ලකුණු

බේකරි නිෂ්පාදනත් ඉහළ යන ලකුණු

විදුලි බිල නැවත වරක් ඉහළ දැමුව හොත් ඊට සාපේක්ෂව බේකරි නිෂ්පාදනවල මිල ගණන්ද ඉහළ දැමීමට සිදුවන බව දකුණු පළාත් කුඩා හා මධ්‍ය පරිමාණ බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

ඊයේ (02) ගාල්ලේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් දකුණු පළාත් කුඩා හා මධ්‍ය පරිමාණ බේකරිහිමියන්ගේ සංගමයේ සභාපති කමල් පෙරේරා කියා සිටියේ ඉන්ධන මිල ඉහළ දැමීම හමුවේද තමන් දැඩි අපහසුතාවයට පත් වී ඇති බවයි.

මේ වනවිට යළිත් වරක් විදුලි බිල ඉහළ දැමීමේ පුවත කරළියට පැමිණ ඇත්තේ විදුලි ගාස්තු සංශෝධනය කිරීමට විදුලිබල මණ්ඩලය, මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලීමක් කිරීමත් සමඟයි.