― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsරුසියාවෙන් බ්‍රිතාන්‍ය ගුවන්සේවාවට තහනමක්

රුසියාවෙන් බ්‍රිතාන්‍ය ගුවන්සේවාවට තහනමක්

යුක්‍රේන – රුසියා අර්බුදය ලෝක ගුවන් ගමන් සඳහාද දැඩි බලපෑමක් එල්ල කරමින්රු සියාව විසින් බ්‍රිතාන්‍ය ගුවන්සේවා සඳහා තහනමක් පනවා ඇති බව විදෙස් මාද්‍ය වාර්තා කරයි.

ඒ අනුව රුසියාවේ ගුවන්තොටුපොළවල බ්‍රිතාන්‍ය ගුවන් සමාගම්වල යානා බෑම හා රුසියානු ගුවන් සීමාවට ඇතුළුවීම තහනම් කර තිබේ. එක්සත් රාජධානියේ ගුවන්සේවා බලධාරීන් ගත් මිත්‍රශීලී නොවන තීරණයක් හේතුවෙන් රුසියාව එම තීරණය ගෙන තිබේ.

රුසියාවේ ජාතික ගුවන්සේවය වන එරෝෆ්ලොට් සමාගමේ ගුවන්යානා බ්‍රිතාන්‍ය යේ ගොඩබෑම තහනම් කිරීමට බ්‍රිතාන්‍ය බලධාරීන් ඊයේ (24) කටයුතු කළේය. රුසියාවට එරෙහිව පනවා ඇති සම්බාධක වලට එම තීරණයද අයත්ය.

ලන්ඩනය සහ මොස්කව් අතර British Airways සමාගම සාමාන්‍යයෙන් සතියකට ගුවන්ගමන් 6ක් පමණ ක්‍රියාත්මක කළේය.

Virgin Atlantic සමාගම නිවේදනය කළේ එක්සත් රාජධානියේ සිට පාකිස්තානය සහ ඉන්දියාව වෙත සිය ගුවන් මාර්ගවල යාම යම් වෙනස්කම් සිදුකළ බවය.

ඒ හේතුවෙන් ගුවන් ගමන් කාලය වැඩිවිය හැකි බව ඔවුන් පැවසීය.

මේ අතර යුක්‍රේනය සිය ගුවන් සීමාව ඊයේ වසා දැමු අතර මෝල්ඩෝවා රාජ්‍ය ද එවැනිම තීරණයක් ගෙන තිබේ.