27.2 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅංගොඩ ඝාතනය : සැකකරුවන්ගේ ප්‍රකාශ පරස්පරයි

අංගොඩ ඝාතනය : සැකකරුවන්ගේ ප්‍රකාශ පරස්පරයි

අංගොඩ කාන්තාවකගේ හිස සහ අත් පා කපා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට භාර වූ පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයෙකු ලබාදුන් සාක්ෂිය සහ අනෙක් පුද්ගලයාගේ ප්‍රකාශය අතර වෙනස්කම් පවතින බව පොලිසිය පවසයි.

සපුගස්කන්ද පොලිසිය මහර අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව ඔවුන් දෙදෙනාගෙන් පැය 72ක කාලයක් පොලිසියට ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබාදී තිබේ.

එම කාන්තාව ව්‍යාපාරිකයාට නිතර දුරකථන ඇමතුම් ලබාදී ඔහුට හිරිහැර කළ බව දෙවැනි සැකකරු වන රෝහිත කුමාර නැමැත්තා පොලිසියට ලබාදුන් කටඋත්තරයේ සඳහන් කර ඇත.

එහිදී රෝහිත කුමාර පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ තමන්ට මෙම ගැටලුව විසඳා ගැනීමට අවශ්‍ය බව මිතුරා පැවසීම නිසා තමා එම කාන්තාව ඝාතනය කිරීම සඳහා පිහියක් සූදානම් කළ බවයි.

ඉන් අනතුරුව මිතුරා තම මෝටර් රථයෙන් අදාළ කාන්තාව සපුගස්කන්ද ප්‍රදේශයේ නිවසට රැගෙන ආ බවත්, කාන්තාව එහි ගිය අවස්ථාවේදී ඇය මිතුරාගේ නිවසින් පිටව යන විට පිහියකින් පහරදී ඇය ඝාතනය කළ බවත් රෝහිත කුමාර වැඩිදුරටත් පොලිසියට දන්වා සිටියේය.

පසුව ඔහු මිතුරා සමඟ එක්ව මියගිය කාන්තාවගේ සිරුර කොටස් කර, එදින රාත්‍රියේ වෙළෙන්දාගේ මෝටර් රථයට නංවා සිරුර සහ මන්නා පිහිය ඇළට විසි කළ බවයි පවසා ඇත්තේ.

මෙලෙස ඝාතනයට ලක් වූයේ 51 හැවිරිදි ඩී.ජී. ප්‍රදීපා නමැති අංගොඩ පදිංචිකාරිනියකි.