29.5 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවාහන ආනයන සීමා ලිහිල් කරනවා - ශෙහාන්

වාහන ආනයන සීමා ලිහිල් කරනවා – ශෙහාන්

වාහන ආනයන සීමා කිහිපයක් ඉදිරි සතියේදී ලිහිල් කිරීමට බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පැවසීය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (04)
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

එච් එස් කේත තුන්සිය හතරක් හැරෙන්නට අනෙකුත් වාහන සීමා කිරීම් මෙසේ ඉවත් කරන බවයි අමාත්‍යවරයා එහිදී කියා සිටියේ.

රජය මුලින් ගත් තීරණය වෙනස් කිරීමට කටයුතු කළ බවත් ඒ අනුව ඉදිරි සතියේදී පුද්ගලික වාහනවලට අදාල එච්.එස් කේත තුන්සිය හතරකට අදාළ සීමාකිරීම් හැර අනෙක් සීමාකිරීම් ලිහිල් කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

මෙම ආනයන සීමා ඉවත් කිරීමට පෞද්ගලික පරිහරණය සඳහා ඇති වාහනවලට එච්.එස් කේත 299ක්, වෙළෙඳ වාහන 67ක් අයත් බවත් අමාත්‍යවරයා කියා සිටියේ.