― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsනව පත්වීම් 07කට කාරක සභාවේ අනුමැතිය

නව පත්වීම් 07කට කාරක සභාවේ අනුමැතිය

අමාත්‍යාංශ ලේකම්වරයෙකු, තානාපතිවරයෙකු ඇතුළු නව පත්කිරීම් 7ක් සඳහා උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමි වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂාණි රෝහණදීර පවසනවා.

ඒ අනුව ඊජිප්තුවේ ශ්‍රී ලංකා තනාපති ලෙස එම්.ඊ.එම්. වෙනින්ගර්ගේ පත්වීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබාදී තිබෙනවා.

එමෙන්ම බංගලාදේශයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස ඩබ්ලිව්. එම්. ධර්මපාල මහතාගේ පත්වීමට ද උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබා දෙනු ලැබුවා.

ඊට අමතරව සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස එච්.එම.බී.පී. හේරත්ගේ පත්වීමටද උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය හිමි වුණා.

තවද ගුවන්තොටුපොළ සහ ගුවන්සේවා (ශ්‍රී ලංකා) සමාගමේ සභාපතිවරයා ලෙස විශ්‍රාමික මේජර් ජෙනරල් ජී.ඒ. චන්ද්‍රසිරිගේ පත්වීමටද, ශ්‍රී ලංකා ජෛව තාක්ෂණ ආයතනයේ සභාපතිවරයා ලෙස ආචාර්ය එස්. ඩබ්ලිව්. එම්. හෙට්ටිගේගේ පත්වීමටද, ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා ලෙස බී.එම්.එල්. පතිරණගේ පත්වීමටද, ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවේ සභාපතිවරයා ලෙස අයි.එස්. විජේසේකරගේ පත්වීමටද උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබාදී තිබෙනවා.

උසස් නිලතල පිළිබඳ කාරක සභාව කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වී තිබුණා.