28.9 C
Colombo
Sunday, June 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනිවසින් අතුරුදන් වූ දැරිය දුම්රියට බිලිවෙයි

නිවසින් අතුරුදන් වූ දැරිය දුම්රියට බිලිවෙයි

ඊයේ (05) රාත්‍රියේ මාතර, වල්පල ප්‍රදේශයේදී දුම්රියේ ගැටීමෙන් ගැහැණු දරුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසනවා.

ගාල්ල සිට බෙලිඅත්ත බලා ධාවනය වූ දුම්රියක වයස අවුරුදු 16ක මෙම ගැහැණු ළමයා ගැටී ඇති බවයි වාර්තා වුණේ.

මෙම ගැහැණු ළමයා අම්බලන්තොට, නෝනාගම ප්‍රදේශයේ පදිංචිව සිටි ඇති බවයි කරුණු අනාවරණය වී ඇත්තේ.

ඇය නිවසින් අතුරුදන්ව ඇති බවට අම්බලන්තොට පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

අයගේ මෘත ශරීරය මාතර රෝහලේ තැන්පත්කර ඇති අතර මාතර පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.