― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeArtසාහිත්‍ය සඳහා නොබෙල් ත්‍යාගය ජෝන් ෆෝස්ට

සාහිත්‍ය සඳහා නොබෙල් ත්‍යාගය ජෝන් ෆෝස්ට

2023 වසරේ සාහිත්‍ය සඳහා හිමි නොබෙල් ත්‍යාගය නොර්වේජියානු ලේඛකයෙකු වන ජෝන් ෆෝස් දිනාගෙන තිබෙනව.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ජෝන් ෆෝස් සාහිත්‍ය සඳහා හිමි නොබෙල් ත්‍යාගය දිනාගනු ලැබූ හතරවෙනි නොර්වේජියානු ජාතිකයා වන බවයි.

සමාජයේ හඬක් නොනැගෙන කරුණු වෙනුවෙන් ජෝන් ෆෝස්ගේ නිර්මාණ තුළින් හඬක් ලබා දීම වෙනුවෙනුයි මෙවර ඔහුට නොබෙල් ත්‍යාගය හිමි වී ඇත්තේ.

1959 වසරේ උපත ලද ජෝන් ෆෝස් 1983 වසරේ එළි දැක්වූ රෝඩ් ස්වාර්ට් නවකතාවෙන් සිය ලේඛක ජීවිතය ආරම්භ කර තිබෙනවා.

මොහු නවකතා, කෙටිකතා, ළමා පොත්, කවි සහ රචනා වලට අමතරව නාට්‍ය 40 ක පමණ තිර රචනාද ලියා තිබෙන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.