25.6 C
Colombo
Sunday, June 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldනොබෙල් සාම ත්‍යාගය ඉරානයේ නාර්ගෙස් මොහම්මදීට

නොබෙල් සාම ත්‍යාගය ඉරානයේ නාර්ගෙස් මොහම්මදීට

2023 නොබෙල් සාම ත්‍යාගය දිනා ගැනීමට ඉරානයේ මානව හිමිකම් ක්‍රියාකාරිනියක වන නාර්ගෙස් මොහම්මදී සමත් වී තිබේ.

නෝර්වේජියානු නොබෙල් කමිටුව පවසන්නේ ඉරාන කාන්තාවන් අයුක්ති සහගත ලෙස පීඩනයට පත් කිරීමට එරෙහිව පෙනී සිටීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීමට මෙන්ම සැමට නිදහස ළඟා කරදීමට සටන් වැදීම හේතුවෙන් නාර්ගෙස් මොහම්මදීට මෙවර නොබෙල් සාම ත්‍යාගය ලබා දීමට තීරණය කළ බවයි.

නාර්ගෙස් මොහම්මදී මහත්මිය සහ මානව හිමිකම් වෙනුවෙන් කළ සේවය වෙනුවෙන් ඇයට විශාල වන්දියක් ගෙවීමටද සිදුව ඇත.

මේ වන විට ඇයව 13 වතාවක් ඉරාන බලධාරීන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් අවස්ථා 05කදී ඇය වරදකාරිය වී තිබේ. ඒ සඳහා සම්පූර්ණයෙන් වසර 31 සිර දඬුවමක් සහ කස පහරවල් 154 ක් ඇයට ලැබී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.