― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsකළුතර නගරයේ ආරක්ෂාව තර කෙරේ

කළුතර නගරයේ ආරක්ෂාව තර කෙරේ

මේ වනවිට කළුතර නගරයේ පොලිස් ආරක්ෂාව දැඩි කර ඇති බව වාර්තා වනවා.

‘ත්‍රස්ත විරෝධී පනත ඉරා දමනු, සමාජ මාධ්‍ය මර්ධන පනත හකුලාගනු’ යන මැයෙන් අද කළුතර නගරයෙන් ආරම්භ කිරීමට නියමිත මහජන කවුන්සිලයේ විරෝධතා පාගමන හේතුවෙන් මෙලෙස එම නගරයේ ආරක්ෂාව තරකර ඇති බවයි වාර්තා වන්නේ.

මේ වනවිට පොලිස් කැරලි මර්දන කණ්ඩායම් ද එම නගරයේ ස්ථානගත කර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

ඊට අමතරව කළුතර පොලිස් කොට්ඨාශයට අයත් පොලිස් ස්ථාන රැසක පොලිස් නිලධාරීන් ද කළුතර නගරයට කැඳවා ඇති බවයි වාර්තා වුණේ.