24.5 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහුංගා මාළුවෙක් නිසා දෙදරු පියෙක් ජීවිතක්ෂයට

හුංගා මාළුවෙක් නිසා දෙදරු පියෙක් ජීවිතක්ෂයට

පොළොන්නරුව, මැදිරිගිරිය ප්‍රදේශයේ පදිංචිව සිටි නාවික හමුදා සෙබළෙක් හුංගා මත්ස්‍යයෙකුගේ විෂ ශරීර ගතවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

මෙම නාවික හමුදා සෙබළා නිවාඩු ලබා නිවසට පැමිණ සිටිය දී මිතුරෙකු සමඟ එළබටු වැවට දිය නෑමට ගිය අවස්ථාවේදී මෙම සිදුවීමට මුහුණ පා තිබෙනවා.

ඔහු දිය නෑමට වැව බැස ඇති අවස්ථාවේ විෂකටු සහිත හුංගා මත්ස්‍යයෙක් පෑගී ඇති අතර පසුව වේදනාවෙන් පසුවෙද්දී මැදිරිගිරිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එහිදී ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති අතර මෙලෙස මියගොස් ඇත්තේ 38 හැවිරිදි දෙදරු පියෙක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

නාවික හමුදා සෙබළාගේ මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට පොළොන්නරුව රෝහලට රැගෙන ඒමට නියමිත බවයි වාර්තා වුණේ.