― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeSportශ්‍රී ලංකා හා පාකිස්ථාන තරගය අද

ශ්‍රී ලංකා හා පාකිස්ථාන තරගය අද

එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ පාකිස්ථානයට එරෙහිව පළමු ජය සොයා ශ්‍රී ලංකාව අද (10) තරග බිමට පිවිසීමට නියමිතයි.

2023 ලෝක කුසලාන තරගාවලියේ 08 වන තරගය ලෙස ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර මෙම තරගය පැවැත්වෙනවා. මෙවර තරගාවලියේ මේ දක්වා දෙපිළම තමන් සහභාගී වූ පළමු තරගය පරාජයට පත්ව සිටිනවා.

ඒ අනුව ලෝක කුසලාන ගමනේ ඉදිරිය වෙනුවෙන් මෙම තරගයේ ජයග්‍රහණය දෙපිළටම වැදගත් වනවා. ආබාධයකට ලක්ව සිට සුවය ලැබීමෙන් පසු මහීෂ් තීක්ෂණ අද තරගය සදහා එකවන බවයි ඉන්දියාවෙන් වාර්තා වුණේ.

හයිද්‍රාබාද් හී රජීව් ගාන්ධි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී මෙම තරගය පැවැත්වෙන අතර මෙරට වේලාවෙන් පස්වරු දෙකට ආරම්භ වීමට නියමිතයි.

මේ අතර ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ අවස්ථා 09 කදී එකිනෙකා මුණගැසී තිබෙනවා. එහිදී අවස්ථා අටක දී පාකිස්ථානය ජයගෙන ඇති අතර එක් තරගයක් වර්ෂාව හේතුවෙන් අතර මැද නවතා දැමීමට සිදුවුණා.

ඒ අනුව ශ්‍රී ලංකාව අද ලෝක කුසලාන තරග බිමට පිවිසෙන්නේ පාකිස්ථානය පළමුවරට පරාජය කිරීමේ අරමුණින්.