ඊයේ (09) රාත්‍රියේ කොටහේන – ගුණානන්ද මාවතේ ට්‍රාන්ස්ෆෝමරය අසලදී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දී බරපතල තුවාල සිදු කර තිබෙනවා.
පොලීසිය පැවසුවේ තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 24ක් වූ එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක් වන අතර මියගිය තැනැත්තා එදින මිතුරෙකු සමඟ ට්‍රාන්ස්ෆෝමරය අසලට ගොස් සිටියදී තවත් පුද්ගලයෙකු සමඟ ජංගම දුරකථනයක් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම ගැටුම හටගෙන තිබේ.
පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ එම පුද්ගලයා විසින් මරණකරුගේ පපු ප්‍රදේශයට පිහියකින් ඇන ඇති බවයි.
සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කොටහේන පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.


