ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සියලුම රජයේ පාසල් හෙට (11) සිට යළි විවෘත කරන ලෙස දකුණු පළාත් අධ්‍යාපන ලේකම්වරයා දැනුම්දී තිබේ.
පවත්නා අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් එම දිස්ත්‍රික්කවල සියලුම පාසල් දින දෙකක් වසා තැබීමට පසුගියදා තීරණය කළ අතර ඒ අනුව ඊයේ (09) සහ අද (10) එම දිස්ත්‍රික්කවල සියලුම පාසල් වසා දැමීමට පියවර ගනු ලැබීය.


