පසුගිය සමයේ පැවති වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් යල කන්නයේ සිදු වූ වගා හානි සඳහා වන්දි ගෙවීම වෙනුවෙන් ප්‍රතිපාදන වෙන් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර විසින් අදාළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති අතර, වියළි කාලගුණික තත්ත්වය මත යල කන්නයේ අක්කර 58,770ක වගා භූමි ප්‍රමාණයක් හානිව ඇති බවයි වාර්තා වුණේ.



