30 C
Colombo
Wednesday, May 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබෝ වන රෝග පැතිරීමේ අවදානමක්

බෝ වන රෝග පැතිරීමේ අවදානමක්

පසුගිය දිනවල පැවති වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ කළුතර දිස්ත්‍රික්කය තුළ බෝවන රෝග පැතිරීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂක වෛද්‍ය තඹර කළුබෝවිල පවසයි.

වෛද්‍යවරයා පවසන්නේ නිවසේදී පිස ගන්නා ආහාර පමණක් මේ දිනවල ආහාරයට ගැනීම වඩාත් සුදුසු බවත් ආහාර ගැනීමේ දී ආරක්ෂාකාරී නොවුණහොත් පාචනය වැනි රෝග වැලඳිය හැකි බවත්ය.

එමෙන්ම පානීය ජල මූලාශ්‍රවලට අපිරිසිදු ජලය එක්වී ඇති බැවින් උණුකොට නිවාගත් ජලය පානය කිරීමට ඉතා සුදුසු බව පැවසූ වෛද්‍යවරයා අවදාරණය කළේ වැසි ජලයෙන් යටවී ගිය වගාබිම්වලින් වෙළඳපොලට රැගෙන එන පළා වර්ග, අමු එළවළු, පලතුරු, ආදිය ආහාරයට ගැනීමේ දී වඩාත් සැලකිලිමත්ව ආහාරයට ගැනීමට පෙර ලුණු මිශ්‍ර ජලය යොදා එම පළා වර්ග හා එළවළු වර්ග සෝදා පිරිසිදු කරගෙන සුදුසු උෂ්ණත්වයක පිසගෙන ආහාරයට ගැනීම වඩාත් සුදුසු බවයි.