26.7 C
Colombo
Wednesday, May 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportඩේවිඩ් මලාන්ගෙන් සුපිරි ශතකයක්

ඩේවිඩ් මලාන්ගෙන් සුපිරි ශතකයක්

එංගලන්තයේ ආරම්භක පිතිකරු ඩේවිඩ් මලාන් (Dawid Malan) විශිෂ්ට එක්දින ශතකයක් වාර්තා කිරීමට මීට ටික වේලාවකට පෙර සමත් වුණා.

ඒ මේ වනවිට ඉන්දියාවේ ධර්මසාලා ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන 2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගයේ දී බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිවයි.

මෙම ශතකය Malan ගේ එක්දින ක්‍රිකට් දිවියේ සයවැනි ශතකය ද වන අතර එය මෙවර ලෝක කුසලානයේ ඔහුගේ පළමු ශතකය ද වනවා.

Malan ට ශතකය ලබා ගැනීමට වැය වූ පන්දු ගණන 91ක්.

ඊට දැවැන්ත හතරේ පහර 12ක් සහ අහස උසට එසවුණු හයේ පහර 02ක් ද ඇතුළත්. Malan අද ක්‍රීඩා කරන්නේ ඔහුගේ ජාත්‍යන්තර එක්දින පිටියේ 23 වැනි තරගයයි.

මේ වනවිට බංග්ලාදේශයේ ඇරයුමෙන් පළමු ව පන්දුවට පහර දෙන එංගලන්ත කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 195ක් ලබා සිටිනවා. පළමු කඩුල්ල ලෙස දැවී ගියේ අද දිනයේ සිය එක්දින 100 වැනි තරගයට එක් වන ජොනී බෙයාර්ස්ටෝයි.

ඔහුගෙන් එංගලන්ත ලකුණු පුවරුවට හැඩකාර අර්ධ ශතකයක් එක් වුණා. දෙවැනි කඩුල්ල වෙනුවෙන් Malan සමග පිටියෙහි රැඳී සිටින්නේ රූට්.