― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeSportකුසල් මෙන්ඩිස්ගෙන් අගනා ශතකයක්

කුසල් මෙන්ඩිස්ගෙන් අගනා ශතකයක්

කුසල් මෙන්ඩිස් වේගවත් මෙන්ම ප්‍රවේසම්කාරී ශතකයක් ලබා ගැනීමට මීට ටික වේලාවකට පෙර සමත් වුණා.

ඒ මේ වනවිට පකිස්ථානයට එරෙහිව හයිද්‍රාබාද්හි පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 08 වැනි තරගයට එක්වෙමින්.

මෙන්ඩිස් අද දිනයේදී ලබා ගත්තේ සිය ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් දිවියේ 03 වැනි ශතකයයි.

එම ශතකය පන්දු 65ක දී ලබා ගැනීම ද විශේෂත්වයක්. ඊට දැවැන්ත හයේ පහර 02ක් සහ හතරේ පහර 13ක් ඇතුළත්.

මෙන්ඩිස් සමග මේ වනවිට තෙවැනි කඩුල්ල වෙනුවෙන් පිටියෙහි රැඳී සිටින්නේ සදීර සමරවික්‍රමයි.

සදීර ද නොදැවී ලකුණු 34ක් ලබාගෙන සිටිනවා. මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 26ක් කෙළවර කඩුලු 02ක් දැවී ලකුණු 199ක් ලබා සිටිනවා.