― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsපාස්කු නඩුවේ සාක්ෂි විභාගය ඇරඹේ

පාස්කු නඩුවේ සාක්ෂි විභාගය ඇරඹේ

පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ නඩුවේ සාක්ෂි විමසීම ඊයේ (10) ඇරඹිනි.

ඒ අනුව ප්‍රහාරයක් එල්ල කිරීමට කුමන්ත්‍රණය කිරීම හා ඊට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා යටතේ නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවේ සාක්ෂි විභාගය ඊයේ ප්‍රථම වතාවට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ආරම්භ විය.

දමිත් තොටවත්ත, අමල් රණරාජා සහ නවරත්න මාරසිංහගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ නඩු විභාගය පවත්වනු ලබයි.

නඩු විභාගය ආරම්භ කිරීමට පෙර පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් හරිප්‍රියා ජයසුන්දර සඳහන් කළේ 2019 වසරේ පාස්කු ඉරුදින ස්ථාන අටකදී එල්ල කෙරුණු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් විත්තිකරුවන් විසි පස් දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කිරීමට පියවර ගත් බවයි.

නඩුවේ දාහත්වන විත්තිකරු මියගොස් ඇති අතර ඒ අනුව විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව මෙම නඩු විභාගය පැවැත්වෙන බවත් නඩුව චෝදනා වැඩිම සංඛ්‍යාවක් ඇතුළත් නඩුව වශයෙන් වාර්තාගත වන බවත් ඇය සඳහන් කළාය.

එමෙන්ම ඇය අධිකරණය හමුවේ සඳහන් කළේ පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරවලින් මියගිය සහ තුවාල ලැබූවන්ට යුක්තිය ඉටු කිරීම අරමුණ බවයි.