28.4 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපොලිස් ලොක්කන් රැසකට ස්ථාන මාරුවීම්

පොලිස් ලොක්කන් රැසකට ස්ථාන මාරුවීම්

නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකුට හා වැඩ බලන නියෝජ්‍ය පොලිස්පතිවරුන් 03 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් පසුගිය 09 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.

ඒ අනුව කේ. කඩුපිටිය බස්නාහිර පළාත දකුණු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට ප්‍රවාහන හා සංදේශ දිසාව භාර තනතුරට ස්ථාන මාරු කර තිබේ.

නියෝජ්‍ය පොලිස්පති ජි.එම්.එච්.බී. සිරිවර්ධන මහතා මාරුකර ඇත්තේ ප්‍රවාහන හා සංදේශ දිසාවේ සිට පොලිස් මූලස්ථාන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසයි.

ඊට අමතරව වැඩ බලන නියෝජ්‍ය පොලිස්පතිවරුන් 03 දෙනෙකු ට හා රාජකාරි ඉටුකිරිම සඳහා නියෝජ්‍ය පොලිස්පතිවරුන් 03 දෙනෙකුට ද ස්ථානර මාරුවිම් ලබා දී තිබේ.

පොලිස් මූලස්ථානය සඳහන් කළේ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 02 දෙදෙනෙකුට හා පොලිස් අධිකාරිවරුන් 02 දෙදෙනෙකුට ද ස්ථාන මාරුවිම් ලබා දී ඇති බවයි.

ඇල්පිටිය කොට්ඨාසය භාර පොලිස් අධිකාරි එම්. එම්. කුමාරසිංහ මහතා කුලියාපිටිය කොට්ඨාසයට මාරුකර තිබේ.