25 C
Colombo
Monday, October 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඊශ්‍රායලයේ රැකියාවලට යන ශ්‍රී ලාංකිකයින්ට නිවේදනයක්

ඊශ්‍රායලයේ රැකියාවලට යන ශ්‍රී ලාංකිකයින්ට නිවේදනයක්

ඊශ්‍රායලයේ රැකියාවලට යන ශ්‍රී ලාංකිකයින්ට විදේශ රැකියා නියුක්ති කාර්යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව ඊශ්‍රායල් ජනගහන හා සංක්‍රමණ අධිකාරියේ හා විදේශ අමාත්‍යාංශයේ අවසර ලබා ගැනීමෙන් අනතුරුව පමණක් මින් ඉදිරියට ඊශ්‍රායලයේ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් යොමු කිරීමටයි විදේශ රැකියා නියුක්ති කාර්යාංශය තීරණය කර ඇත්තේ.

ඊශ්‍රායල් පලස්තීන ගැටුම් හේතුවෙන් ඇතිව තිබෙන අනාරක්ෂිත තත්ත්වය සැලකිල්ලට ගෙන මේ තීරණයට එළැඹ ඇති අතර එරටින් පිටවීමට අවශ්‍ය නම් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ඒ සඳහා අවස්ථාව පවතින බවයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පවසන්නේ.