අහුංගල්ල පතිරාජගම ප්රදේශයේදී දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් අද (11) පස්වරුවේ ඇසිඩ් ප්රහාර එල්ල කිරීම සහ තියුණු ආයුධවලින් පහරදීමෙන් පුද්ගලයන් 8 දෙනෙකු තුවාල ලබා ඇති බව අහුංගල්ල පොලිසිය පවසයි.
දෙපිරිසේම කාන්තාවන් ඇතුළු 8 දෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලිසිය පවසන්නේ.
පෞද්ගලික ආරවුලක් මත අසල්වාසී පවුල් දෙකක් අතර මෙම ගැටුම හටගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.