― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsව්‍යාජ රන් භාණ්ඩ පෙන්වා මුදල් ගැරූ ලොක්කෙක් අත්අඩංගුවට

ව්‍යාජ රන් භාණ්ඩ පෙන්වා මුදල් ගැරූ ලොක්කෙක් අත්අඩංගුවට

ඉමිටේෂන් භාණ්ඩ, රන් භාණ්ඩ ලෙස පෙන්වා රුපියල් එක් කෝටි අසූහත් ලක්ෂ හැත්තෑ පන්දහසකට ආසන්න මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන මූල්‍ය සමාගමක උකස් අංශ ප්‍රධානියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කළුතර කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසිනුයි මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

බෙන්තර ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි මෙම සැකකරුව අගතියට පත් මූල්‍ය සමාගමේ කළමනාකාරීත්වය විසින් පොලිසියට සිදු කරන ලද පැමිණිල්ලක් මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු තවත් කාන්තාවක සමග උකස් අංශයේ රාජකාරි කර ඇති බවත් ඇය නොමැති අවස්ථාවලදී එහි සවිකර ඇති ආරක්ෂක කැමරාවද ආවරණය කරමින් සේප්පුව විවර කර වංචාව සිදුකර ඇති බවත් හෙළි ව තිබෙනවා.

රන්භාණ්ඩ උකස් කළ බවට පෙන්වීමට එයට සමාන බරකින් යුත් ඉමිටේෂන් භාණ්ඩ දමා ලදුපත් මගින් රුපියල් ලක්ෂ ගණනින් කලක පටන් මුදල් ලබාගෙන ඒවා විගණක පරීක්ෂණවලටද හසුනොවන පරිදි පරිගණක දත්ත පද්ධතියට ඇතුළත් කර තිබූ බවයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.

සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.