32.8 C
Colombo
Saturday, April 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකුඩු ගෙනා ඉරාන ජාතිකයින් දිවි ඇති තෙක් සිපිරිගෙට

කුඩු ගෙනා ඉරාන ජාතිකයින් දිවි ඇති තෙක් සිපිරිගෙට

මීට වසර 04කට පෙර ධීවර යාත්‍රාවක් මගින් මෙරටට හෙරොයින් රැගෙන විත් සන්තකයේ තබාගැනීම හා ජාවාරම් කිරීම යන අධි චෝදනාවලට වරද පිළිගත් ඉරාන ජාතිකයින් 09 දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබේ.

එම විත්තිකරුවන් විසින් හෙරොයින් ග්‍රෑම් 80ක් රැගෙනවිත් තිබූ අතර ඔවුන් වරද පිළිගැනීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා විසින් එම නියෝගය ලබාදී ඇත.

එම විත්තිකරුවන්ව ශ්‍රී ලංකාව අත්සන් කර ඇති ජාතන්තර ගිවිසුම අනුව එකී සිර දඬුවම් ලබාදීමට ඉරානයට පිටුවහල් කිරීමට පියවර ගන්නා ලෙසයි මහාධිකරණ විනිසුරුවරයා නියම කර ඇත්තේ.

එම නඩුව අද කැදවූ අවස්ථාවේදී සාක්ෂි විභාගය ආරම්භ කිරීමට පෙර විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් විත්තිකරුවන් සියලුදෙනා එකී චෝදනාවට වරද පිළිගන්නා බව ප්‍රකාශ කර තිබේ.