― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeSportදකුණු අප්‍රිකාවට ලකුණු 134ක ජයක්

දකුණු අප්‍රිකාවට ලකුණු 134ක ජයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඔස්ට්‍රේලියාව සමග පැවති තරගයෙන් ලකුණු 134ක ජයක් ලබා ගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත්වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියා කණ්ඩායමේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 311ක් රැස් කළා.

ක්වින්ටන් ඩි කොක් ලකුණු 109යි. ඒඩ්න් මාර්ක්රම් ලකුණු 56ක් ලබාගත්තා.

පන්දු යැවීමේදී ග්ලේන් මැක්ස්වෙල් කඩුලු 2ක් බිඳහෙලුවා.

ඒ අනුව දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන තරගය ජය ගැනීමට ඔස්ට්‍රේලියාවට හිමිවූ ඉලක්කය ලකුණු 312ක්.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි ඔස්ටේ්‍රලියාවට පන්දුවාර 40යි පන්දු 5ක් අවසානයේ සියලුදෙනා දැවී ලබා ගැනීමට හැකිවුයේ ලකුණු 177ක් පමණයි.

Marnus Labuschagne ලකුණු 46යි. පන්දු යැවීමේදී Kagiso Rabada කඩුලු 3ක් දවා ගත් අතර Marco Jansen, Keshav Maharaj සහ Tabraiz Shamsi කඩුලු 2 බැගින් බිඳහෙලුවා. තරගයේ වීරයා සම්මානය ක්වින්ටන් ඩි කොක්ට හිමිවුණා.