― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeSportශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් 02ක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් 02ක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ලබන සදුඳා ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදුවිය හැකි බවට තොරතුරු වාර්තා වනවා.

ඒ අනුව මෙම තරගය සඳහා ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න සහ වේග පන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාර කණ්ඩායමට කැඳවීමට නියමිත බවයි ඉන්දියාවෙන් වාර්තා වන්නේ.

මොවුන් දෙදෙනා කණ්ඩායමට කැඳවීමත් සමඟ ආරම්භක පිතිකරණ භූමිකාවේ කටයුතු කළ කුසල් ජනිත් පෙරේරාට සහ වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණට කණ්ඩායමේ සිය ස්ථානයන් අහිමිව යනවා.

ශ්‍රී ලංකාව ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගවලියේ දී සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කළ දිමුත් කරුණාරත්නට පළමු තරග දෙකේ බැංකුවේ සිටීමට සිදු වුණේ ආරම්භක පිතිකරුවෙකු ලෙස කුසල් ජනිත් පෙරේරා තෝරා ගැනීම හේතුවෙන්.

කෙසේ වෙතත්, ආබාධයකට ලක්ව නැවත කණ්ඩායමට පැමිණීමෙන් පසු අවසන් තරග පහේදී ඔහු ලබාගෙන ඇත්තේ ලකුණු 24ක් පමණයි.

කුසල් පෙරේරාට ලෝක කුසලානයේ අවසන් තරඟ දෙකේ දී රැස් කිරීමට හැකිව ඇත්තේ ලකුණු 07ක් වීම ද විශේෂත්වයක්. මේ අතර යොවුන් වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ පළමු තරග දෙකේදීම ප්‍රතිවාදීන්ගේ දරුණු ප්‍රහාරයන්ට ලක් වූ අතර එම තරග දෙක තුළ ඔහු යවූ පන්දුවාර 19ක දී ලකුණු 185ක් ප්‍රතිවාදීන්ට ලබාදුන්නා.

මේ අතර පාකිස්තාන තරගය අතරතුර හදිසියේම රෝහල් ගතකළ කුසල් මෙන්ඩිස් මේ වනවිට සම්පූර්ණයෙන්ම සුවය ලබා ඇති බවයි ඉන්දියාවෙන් වාර්තා වන්නේ.

බදාදා ලක්නව් වෙත පැමිණි ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට දින දෙකක විවේකයක් ලබා දී ඇති අතර, සඳුදා පැවැත්වෙන ඕස්ට්‍රේලියාවට එරෙහි ගැටුමට පෙර සෙනසුරාදා නැවත පුහුණුවීම් ආරම්භ කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.

ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන තරගාවලියේ සහභාගී වූ පළමු තරග දෙකේ දී ම දරුණු පරාජයන්ට මුහුණදීමට සිදුවුණා.