― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsබිරිඳගේ නැගණිය ගැබිණියක් කළ අයෙක්ට වසර 07ක සිර දඬුවම්

බිරිඳගේ නැගණිය ගැබිණියක් කළ අයෙක්ට වසර 07ක සිර දඬුවම්

තම බිරිඳගේ 14 හැවිරිදි නැගණිය දූෂණය කොට ඇයව ගැබිණියක් බවට පත් කළ පුද්ගලයෙකුට වසර හතක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කර තිබේ.

වවුනියාව මහාධිකරණ විසිනුයි මෙම සිර දඬුවම නියම කොට ඇත්තේ.

මීට අමතරව දැරියට වන්දි වශයෙන් රුපියල් ලක්ෂ හයක මුදලක් ගෙවන ලෙසත් එම වන්දිය නොගෙවන්නේ නම් සිර දඩුවම තවත් වසර හතරකින් දීර්ඝ වන බවත් පැවසූ මහේස්ත්‍රාත්වරයා පවා ඇත්තේ රුපියල් හය දහසකට නියම කළ දඩය නොගෙවන්නේ නම් සිර දඩුවම තවත් මාස හයකින් දීර්ඝ වන බවයි.

විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මොහු විසින් 2014 වසරේදී එම දැරිය අවස්ථා කීපයක්ම දූෂණය කොට පසුව ඇය සමග ඉතා රහසිගතව අඹු සැමියන් ලෙස ජීවත් වී ඇති බවත්ය.

කෙසේනමුත් මෙම දැරිය ගැහැණු දරුවකු බිහි කර ඇති අතර දරුවාගේ ජාන හා මොහුගේ ජාන එක හා සමාන බව DNA පරීක්ෂණයකින් සනාථ වී තිබේ.

මේ සම්බන්ධයෙන් බිරිදගේ පාර්ශ්වයේ ඥාතීන් වවුනියාව පොලීසියට කරණ ලද පැමිණිල්ලකට අනුවයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.