මාතර – පරණ තංගල්ල මාර්ගයේ ගමන්ගත් පාපැදියක් පදිකයෙකුගේ ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.
පොලීසිය පැවසුවේ පල්ලියමුල්ල සිට මහානාම පාලම අසළදී මෙම අනතුර සිදුව ඇති බවයි.
අනතුරින් මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයා තුවාල ලබා මාතර රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 85 හැවිරිදි ගබඩා වීදිය, මාතර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලීසිය පැවසුවේ.
අනතුර සිදුකළ පාපැදිකරු පළාගොස් ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මාතර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.